FAST NEWS

24×7 Around the Globe

ඩොලරයේ අගය රුපියල් 170 පසුකරයි..

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල අද (21) දිනයේ දී රුපියල් 170 සීමාව පසුකරනු ලැබීය.
මේ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 166.7839 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 170. 6569 ක් ලෙසින් සටහන් විය.
විනිමය අනුපාතික සීමවා ඉක්මවා උච්ඡාවචනය වීම පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව මැදිහත් වන බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේය.