FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාවේ ෂාබාස් නදීම් චමීන්ද වාස්ගේ වාර්තාව අභිබවා යයි..

ඒ කාණ්ඩයේ එක්දින තරගයකදි හොඳමපන්දු යැවිමේ වාර්තාව තමන් සතු කර ගැනිමට වමතින් ඔතර්ඩොක්ස් දඟ පන්දු යවන ඉන්දීය ක්‍රීඩක ෂාබාස් නදීම් සමත්ව තිබේ.
 ඉන්දීයාවේ පැවැත්වෙන විජේ හසාරේ තරගාවලියේ Jharkhand කණ්ඩායම නියෝජනය කරමීන් Rajasthan කණ්ඩායමට එරෙහිව පන්දුවාර 10 කදි ලකුණූ 10 ක් ලබා දෙමීන් කඩුළු 08 ක් දවා ගනිමීන් හෙතෙම මෙම දක්ෂතාවය දැක්විමට සමත්ව තිබේ.
මෙම වාර්තාව 2001 වර්ෂයේදි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා මද වේග පන්දු යවන ක්‍රීඩක චමීන්ද වාස් වාර්තා කළ ,ලකුණූ 19 කට කඩුළු 08 ක් ලෙස දවා ගැනිමේ ,එක්දින ජාත්‍යන්තර තරගයකදි හොඳම පන්දු යැවිම අභිබවාද යෑමකි.
ෂාබාස් නදීම් අයි.පී.එල් තරගාවලියේදි දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබයි.