FAST NEWS

24×7 Around the Globe

අලි මිනිස් ගැටුම පාලනය කිරීමට හැකි සතා මෙන්න..

ලංකාවේ බොහෝ කාලයක පටන් පවතින අලි මිනිස් ගැටුම පාලනය කිරීමට මී මැස්‌සන් යොදා ගත හැකි බව එංගලන්තයේ ෂෙල්ඩ් හැලම් විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අයි. එම්. ධර්මදාස මහතා සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ධර්මදාස මහතා,
මී මැසි පාලනය ආදායම් ලබාගන්න පුළුවන් ක්‍රමයක්‌ වගේම අලි එළවන්නත් යොදාගන්න පුළුවන්. ගෙවත්තට මී මැසි පෙට්‌ටි තුනක්‌ තිබුණා නම් ඒ හොඳටෝම ඇති. මී මැසි පෙට්‌ටියේ ලණුවක්‌ වගේ රැහැනක්‌ ගැට ගහලා වැට මායිමේ අදින්න ඕනේ.
අලින් වත්තට ඇවිත් රැහැනේ ගැටුණාම මී මැසි ජනපදයේ ඉන්න මැස්‌සෝ ඇවිස්‌සෙනවා. ඊළඟට ඔවුන් සතුරා සොයා ගෙන ගිහින් විදිනවා. අලියාගේ හම ගොරෝසු නිසා හමට විදින්නේ නැහැ. ඇස, කන, වාගේ සුමට ස්‌ථානවලට තමයි විදින්නේ. එහෙම විදලා අලීන් පලවා හරිනවා.
මෙම මී මැසි ක්‍රමය කෙන්යාව වගේ අප්‍රිකානු රටවල ද සාර්ථකව සිදුවන බව ඒ මහතා පවසා සිටයි.