FAST NEWS

24×7 Around the Globe

මත්පැන් පානය කිරීමෙන් මලයාසියාවේ 21 ක් ජීවිතක්ෂයට..

මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් 21 දෙනෙකු මත්පැන් පානය කිරීමෙන් අනතුරුව එය විසවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
මත්පැන් පානය කරනු ලැබූ තවත් 57 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරන අතර මලයාසියාවේ නිෂ්පාදිත එතනෝල් අධික, ප්‍රමිතියෙන් බාල මත්පැන් මොවුන් පානය කර ඇති බවට පරීක්ෂණවලදී හෙළිව ඇත.
මිය ගිය අය අතර බංග්ලාදේශ, මියන්මාර, ඉන්දුනීසියා සහ නේපාල ජාතිකයන් ද ඇතුළත් වේ .