FAST NEWS

24×7 Around the Globe

පාණ්ඩියා වෙනුවට අසියානු කුසලාන ඉන්දීය සංචිතයට දීපක් කැඳවයි..

පාකිස්ථාන කණ්ඩායම සමග ඊයේ (19) ඩුබායිහිදි පැවති අසියානු කුසලාන තරගයේදි අබාධයකට ලක්වු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩියා වෙනුවට දකුණතින් මඳ වේග පන්දු යවන දීපක් චහාර් සංචිතයට කැඳවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පාකිස්තාන ඉනිමේ 18 වැනි පන්දුවාරයේ 05 වැනි පන්දුව යැවු පාණ්ඩියා සිය පිට කොන්දෙන් පහළ ඇතිවු අබාධ තත්වයක් හේතුවෙන් ක්‍රීඩාගණයෙන් ඉවත් විය.
එ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ පාණ්ඩියාට අසියානු කුසලාන තරගාවලිය අහිමී වනු ඇති බවය.