FAST NEWS

24×7 Around the Globe

අප‍්‍රිකානු ව්‍යවස්ථාධිකරණය මර්ජුවානා නීත්‍යානුකූල කරයි..

අප‍්‍රිකානු ව්‍යවස්ථාධිකරණය විසින් ඊයේ (18) නීති විරෝධී මත්ද්‍රව්‍යයක් වන මර්ජුවානා නීත්‍යානුකූල කිරීමට තීන්දු කර ඇති අතර කෙසේවෙතත් මරිජුවානා ප‍්‍රසිද්ධ ස්ථාන තුළ විකිණීමට හා භාවිත කිරීමට මින් අවසර ලබා දී නැත.
වැඩ බලන අග විනිසුරු වූ රේමන්ඞ් සොන්ඩෝ විසින් සිය තීන්දුව දෙමින් ප‍්‍රකාශ කර ඇත්තේ “පූර්ණ වියට පත් වැඩිහිටියෙකු හට සිය පුද්ගලික ස්ථානයක දී මර්ජුවානා ළඟ තබා ගැනීම, භාවිත කිරීම හා අයත් කර ගැනීම සාපරාධී වරදක් නොවන බවයි”
නීතිය පාර්ලිමේන්තුව හරහා බලාත්මක කිරීමට මාස 24 ක කාලයක් ලබාදී ඇත.
ඒ වන තෙක් මර්ජුවානා පුද්ගලිකව පරිහරණය කරනු ලබන වැඩිහිටියන් ආරක්ෂා කිරීම ද මෙම නඩු තීන්දුව හරහා සිදුවෙයි.
මේ වන විටත් අප‍්‍රිකානු මහද්වීපයේ ‘ලෙසතෝව’ සහ ‘සිම්බාබ්වේ’ යන රාජ්‍යයන් ද මෙම වගාව නීත්‍යානුකුල කර ඇත.
කෙසේවෙතත් මර්ජුවානා නීත්‍යානුකුල කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව තුළ ප‍්‍රබල විරෝධතා ව්‍යාපාර රැසක් මේ වන විටත් ඉස්මතු වී ඇත.