FAST NEWS

24×7 Around the Globe

අකිල ධනංජය පිය පදවිය ලබයි..

ශ්‍රී ලංකා පිළේ දඟ පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය පසුගිය 14 වනදා තම ජීවිතයේ සොදුරුතම අත්දැකීම වන පිය පදවියට උරුමකම් කියා ඇත.
අකිල සහ බිරිඳ ඔවුන් දෙපළගේ පළමු වන දරු උපත බලාපොරොත්තුවෙන් සිටීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම දින කිහිපයකින් ප්‍රමාද කිරීමටත් අකිලට සිදුවිය.
දරුවාගේ උපතින් පසුව ඔහු තරගාවලියට සහභාගිවීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ඇත.
ඔහුගේ පිය පදවිය සදහා facebook හරහා ද බොහෝදෙනා සුභ පැතුම් එක්කර තිබූ අයුරු දක්නට ලැබුණි.