FAST NEWS

24×7 Around the Globe

තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් යළි මව් රට බලා යයි..

අසියානු කුසලාන සහභාගිව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් අද (18) පස්වරුවේ නැවත සිය මව් රටට යැමට නියමීත බව මාධ්‍ය වාර්තා පවසයි.
ඔහු සමග මෙම සංචාරයට එක්ව සිටින සිය දියණිය වු Alayna Hasan Aubrey අසනීප තත්වයෙන් පසු විම නිසා ඇය සහ සිය බිරිඳ නැවතත් මව් රටට වෙත ඇරලවීමට ඔහු මෙසේ බංග්ලාදේශය බලා පිටත්ව යන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම මෙ වන විට අසියානු කුසලායේ සුපිරි 04 වටයට සුදුසුකම් ලබා ඇති හෙයින් එම තරග වටයට සහභාගි වීම සඳහා ෂකිබ් අල් හසන් ලබන 19 වැනිදා හෝ 20 වැනිදා නැවතත් සිය කණ්ඩායම සමග එක්විමට නියමීත බවත් වැඩි දුරටත් වාර්තා වේ.