FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ට්‍රෙඩ්වේල් සමුගනියි..

එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ට්‍රෙඩ්වේල් (36) ඊයේ (17) සිය ක්‍රිකට් දිවියෙන් සමුගැනිම් නිල වශයෙන් නිවේදනය කර තිබේ.
කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කරමීන් පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළ ට්‍රෙඩ්වේල් තරග 177 කට ක්‍රීඩා කර කඩුළු 426 ක් දවා ගනිමීන් ලකුණූ 4728 ක් රැස් කරගෙන තිබේ.
එසේම එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 02 ක් ක්‍රීඩා කර ඇති හෙතෙම කඩුළු 11 ක් දවාගෙන තිබේ.
එසේම ජාත්‍යන්තර එක්දින තරග 45 කදී කඩුළු 60 ක් දවාගෙන ඇති අතර විස්සයි -20 තරග 17 කට ක්‍රීඩා කරමීන් කඩුළු 07 ක් දවා ගැනිමට සමත්ව තිබේ.
2014 වර්ෂයේ ඉන්දීයාව සමග පැවැති විස්සයි – 20 තරගයකින් අනතුරුව ඔහු කිසිඳු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නොමැත.