FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානය සමග පරාජයට බංග්ලාදේශය හේතුවු සැටි මැතිව්ස් කියයි..

සිය කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බවත් ක්‍රීඩකයින් බලාපොරොත්තු කඩ විම් නිසා කම්පනයට පත් ව සිටින බවත් ඇෆ්ගනිස්ථානය සමග තරගය ලකුණූ 91 කින් පරාජයට පත් විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර සිටියේය.
“කණගාටු වෙනවා මුළු කණ්ඩායමේම ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්, පළමු තරගයේදි පවා අප දැවි ගියා ලකුණු 150 කට අඩුවෙන්. සුභ පතනවා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට,ඔවුන් තරග කලා අපි සමග හොදින්.අපි හොඳ ආරම්භයක් ගත්තා නමුත් නැවතත් අපේ මාර්ගය නැති වුනා මැද පන්දුවාරවලදි.පන්දු යවන්නෝ හොඳින් කළා, පන්දු රැකීමත් සංවර්ධනය වෙලා තිබ්බා කලින් තරගයට වඩා.පිතිකරණ අංශයත් පහත දාන්න බෑ.අපි හොදින් ක්‍රීඩා කළා පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියේදි. බලාපොරොත්තු කඩ වෙලා ක්‍රීඩකයෝ ඉන්නේ.අපිට නොහැකි වුනා පීඩනය පාලනය කර ගන්න.ලකුණූ 150 ක සීමාවක් පසු කර ගන්න නොහැකි අවස්ථා ආවම ගොඩක් කම්පනයට හා බලාරොත්තු කඩවිම් සහිත තත්වයට පත් වෙනවා..”