FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්තානයට ලකුණු 91 ක ජයක් – ශ්‍රී ලංකාව ඉවතට..

2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරඟය ලෙස ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 91 කින් ජයග්‍රහණය කිරිමට අෆ්ගනිස්ථානය සමත් විය.
කාසියේ වාසිය දිණු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමීන් සිය පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 249 ක් ලබා ගත්තේය.
ලකුණු 250 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පැමීණි ශ්‍රි ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 50 අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 158 ක් පමණි.
මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.