FAST NEWS

24×7 Around the Globe

ජාතික දැල්පන්දු පුහුණුකාරිණි තිලකාගේ ධූර කාලය දිර්ඝ කෙරේ..

ජාතික දැල්පන්දු පුහුණුකාරිණි තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කිරිමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබේ.
ආසියානු කුසලාන තරගාවලියේදී ශූරතාව ජය ගැනීම සඳහා කණ්ඩායම මෙහෙයවීම හේතුවෙන් ඇයට මෙම අවස්ථාව හිමීව තිබේ.
මේ වසරේ 12/31 දායින් ඇයගේ ධුර කාලය අවසන්විමට නියමිතව තිබුණු අතර ධුර කාලය දිගු කිරීමත් සමග ඇයට ලබන වසරේදී ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීමද තිලකාට හිමිව තබේ.
එම තරගාවලිය ලබන වසරේ ජුලි මාසයේදි එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.