FAST NEWS

24×7 Around the Globe

පරාජයට හේතු අතීතයෙන් ගෙන තිලාන් අද (17) දිනන හැටි කියයි..

පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියක් හොදින් ආරම්භ නොකළ බව ශ්‍රී ලංකා පිතකරණ පුහුණකරු තිලාන් සමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
අද (17)  ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්විමට නියමීත අසියානු කුසලාන තරගය පිළිබඳව අදහස් දක්වමීන් එ මහතා මේ පිළිබඳව සඳහන් කළේය.
“අපි තරගාවලියක් හොදින් ආරම්භ කළේ නැහැ, පසුගිය මාස 07 ක්‍රීඩා කරපු විදියෙනුත් එ පිළිබඳව තෙරෙම් ගන්න පුලුවන්,බංග්ලාදේශය සමග පැවති එක්දින තරගාවලියේදි පැවති පළමු තරග දෙකක් පරාජයට පත් වුනා,දකුණූ අප්‍රිකාව එක්ක පළමුවැනි එක්දින තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 05 ක් ලකුණූ 30 කදී දැවි ගියා, එ වගේම බංග්ලාදේශ කණ්ඩායම එක්ක තරගයේදිත් ලකුණූ 60 කදි කඩුළු 06 ක් දැවි ගියා,එ නිසා පිතකරුවන් දැඩි පීඩනයක සිටින්නේ,තීරණ ගැනිමේදි තියන දුර්වලතාවයක් තමා ඔවුන්ට තියෙන්නේ නැති දක්ෂතාවයේ අඩුවක් නෑ,අපිට අවශ්‍යයි ඔවුන්ගේ මාන්සිකත්වය හොඳ තත්වයට ගෙනෙන්නට ඇෆ්ගනිස්ථානය සමග තරගය ජය ගන්න නම්”