FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය නැති ක්‍රීඩකයින් 02 ක් ගැන පීටර්සන් පෙන්වා දෙයි..

ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් එංගලන්ත පිතිකරු කීටන් ජෙනින්ස් සහ තුන් ඉරියව් ක්‍රීඩක සිටුවර්ට් බ්‍රෝඩ් ඉවත් කළයුතු බව එරට හිටපු ටෙස්ට් ක්‍රීඩක කෙවින් පීටර්සන් ප්‍රකාශ කර තිබේ.
කීටන් ජෙනින්ස් පසුගිය තරඟ කිහිපයේම ඉතා අසාර්ථක වු හෙයින් ඔහුව ශ්‍රී ලංකාව සමග සංචිතයට එක් කර නොගත යුතු බව හෙතෙම පෙන්වා දී තිබේ.
එසේම එංගලන්ත ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ආසියානු රටවල තරඟමාලාවලදී ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන හෙයින් ඔහුද මෙම සංචිතයට ඇතුළත් කර නොගත යුතුය යන්න ඔහුගේ මතය වි ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කර සිටියි.
එංගලන්ත කණ්ඩායම ලබන මාසයේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සිදු කිරිමට නියමීත අතර, එම සංචාරයට ටෙස්ට් තරග තුනක් / එක්දින තරග 05 ක් සහ එක් 20 යි 20 තරගයක් ඇතුළත් වෙයි.