FAST NEWS

24×7 Around the Globe

අසියානු කුසලානයේදි වාර්තා පොත් අලුතින් ලියන්න මාලිංගට වරමක්..

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කඩුළු 500 ක් ලබා ගත් සිව්වැන්නා විමට ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට අවස්ථාවක් උදා වී තිබේ.
මෙ වන විට විස්සයි – 20,එක්දින හා ටෙස්ට් යන තරග කාණ්ඩ යටතේ මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් කඩුළු 492 ක් ලබා ඇති අතර ලබන 15 වැනිදා ආරම්භ විමට නියමීත අසියානු කුසලාන තරගාවලියේදි තවත් කඩුළු 08 ක් ලබා ගැනිමට මාලිංග සමත් වුවහොත් එම කඩ ඉමට පිවිසිමට ඔහුට හැකිවනු ඇත.
මෙ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කඩුළු 500 සීමාවට පිවිසිමට මුත්තයියා මුරලිදරන්,චමීන්ද වාස් හා රංගන හේරත් සමත්ව සිටිති.
(එක්දින/විස්සයි – 20/ ටෙස්ට්) ලැයිස්තුව
1347 – මුත්තයියා මුරලිදරන්
761 – චමීන්ද වාස්
522 – රංගන හේරත්
492 – ලසිත් මාලිංග
440 – සනත් ජයසුරිය
313 – නුවන් කුලසේකර
288 – අජන්ත මෙන්ඩිස්