FAST NEWS

24×7 Around the Globe

ධනුෂ්ක ගුණතිලකට අසියානු කුසලානය අහිමි වෙයි..

පුහුණුවිම් අතරදි අබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට අසියානු කුසලාන තරගාවලිය අහිමිවී තිබේ.
ඒ අනුව ධනුෂ්ක හෙට (14) පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාව බලා නැවත පැමිණීමට නියමිත බවත්, ෂෙහාන් ජයසූරිය ඔහු වෙනුවෙන් සංචිතයට එකතු වීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
ඔහු ඊයේ (12) රාත්‍රී පැවැති පුහුණු සැසියේ පන්දු රැකීමේ පුහුණුවීම්වලදී කොන්දේ ආබාධයට ලක්ව ඇති බව පැවසෙන අතර , යළි යථා තත්ත්වයට පත්වීමට සති කීපයක් විවේක ගතයුතු බවට වෛද්‍ය නිර්දේශ ලැබීම නිසා නැවත ශ්‍රී ලංකාවට පැමීණිමට නියමීතය.
අාසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා (15) දිනයේදි පැවැත්විමට නියමීතය.