FAST NEWS

24×7 Around the Globe

රියදුරු බලපත්‍රයේ තොරතුරු ID එකට ඇතුළත් කිරීමට යයි..

ජාතික හැඳුනුම්පතට රියදුරු බලපත්‍රයේ තොරතුරු ඇතුළත් කර භාවිතා කළ හැකි ක්‍රමයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා මට්ටමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
ඔහු මේ පිළිබදව සදහන් කළේ අද (13) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මීට අමතරව රියදුරු පුහුණුව ලබාදෙන ආයතන නියාමනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙන බවද ඔහු පවසයි.
නිසි ප්‍රමිතියකින් යුතු රියදුරන් බිහිකර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.