FAST NEWS

24×7 Around the Globe

නවාස් ෂරීෆ්ට බිරිදගේ අවසන් කටයුතු සදහා පැය 12 ක් ලබාදෙයි..

බන්ධනාගාර ගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හට තම බිරිඳගේ අවසන් කටයුතුවලට සහභාගී වීම සඳහා අවස්ථාව ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය හට පැය 12 ක කාලයක් මේ සදහා ලබාදී ඇති අතර දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔවුන් දෙදෙනා ලාහෝර් නුවරට පිටත් කර හැර ඇත.
දීර්ඝ කාලයක සිට පිලිකා රෝගයකින් පීඩා විදි නවාස් ෂරීෆ්ගේ බිරිඳ ලන්ඩන් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (12) ජීවිතක්ෂයට පත්ව තිබේ.