FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරණ අපේක්ෂකයා ගැන මහින්දගෙන් ඉගියක්..

එළැඹෙන 2019 වසරේ ජනාධිපතිවරණයට තමා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බව හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ’ද හින්දු’ පුවත් සේවය හා පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීය.
කෙසේ වෙතත්, තමා විසින් තරග කර, ඊට එරෙහිව පවතින 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සීමාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවදානම නොගෙන විකල්පයක් වශයෙන් සියලු දෙනාට පිළිගත හැකි අපේක්ෂකයෙකු නිවේදනය කළහොත් අනිවාර්යයෙන්ම සිය සොහොයුරා තරගකරුවෙකු වන බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
තවද, ජනාධිපති අපේක්ෂකයන්ගේ අවම වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ නංවා ඇති බැවින් සිය වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ 2019 දී ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස සැලකිය නොහැකි බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබේ.