FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ හිටපු ජනාධිපති බොහෝ දුරට ඊළඟ ජනාධිපති විය හැකියි….

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල තෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසව භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා විසින් නවදිල්ලි ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබීය.
මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සුබ්‍රමනියන් ස්වාමි මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබූ ප්‍රකාශයක් පහතින්…
“අද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ බොහෝ දුරට ඊළඟ ජනාධිපති නවදිල්ලි නුවරට පැමිණියා විරාත් හින්දුස්ථාන් සංගම් ආරාධනයට අනුව. ඔහු 12 වන දා ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා සහ ඉදිරි දැක්ම පිළිබඳව ආරාධිතයින් සහභාගී වන ප්‍රසිද්ධ රැස්වීමක් අමතනු ඇති”
උපුටා ගැනීම අවසන්.
මහින්ද රාජපක්ෂ මහතා බොහෝ දුරට යළි ජනාධිපති වනු ඇතැයි පවසන සුබ්‍රමනියන් ස්වාමි ජනතා පක්ෂයේ හිටපු නායකයා වන ස්වාමි කලක් නීතිය පිළිබඳව අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ අතර පසුව භාරතීය ජනතා පක්ෂයට එක් විය.
මේ වන විට ඔහු පාලක භාරතීය ජනතා පක්ෂයේ විධායක කමිටු සාමාජිකයෙකු වන අතර ඉන්දීය දේශාපාලන විචාරකයින්ට අනුව නරේන්ද්‍ර මෝදි පාලනයේ බළල් හස්තය නැතහොත් ප්‍රධාන කුමන්ත්‍රණකරුවෙකු වන්නේත් මොහුය.