FAST NEWS

24×7 Around the Globe

වෙළඳපොළේ පවතින බාල පොල් තෙල් සැපයීම අවම කිරීමට සැලසුම්..

වෙළෙඳපොළට බාල පොල් තෙල් නිෂ්පාදන සැපයීම අවම කිරීමේ අරමුණින් ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරිය සමග මේ පිළිබඳ එකඟතාවකට පැමිණීමට කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසයි.
ඒ අනුව ඉදිරි මාස 03 ඇතුළත නීතීය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඔහු සදහන් කළේය.
මේ සම්බන්ධව පොල් තෙල් නිෂ්පාදකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.