FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ බස් රථයක් පෙරළීමෙන් 15 ක් මරුට..

අද (11) පෙරවරුවේ ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ජග්තල් ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුරින් තවත් 20 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කොණ්ඩාගතු සිය ජග්තල් දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 40 කට අධික පිරිසක් සිට ඇති බවත් වාර්තා වෙයි.