FAST NEWS

24×7 Around the Globe

ෆ්ලෝරන්ස් සුළි කුණාටුව අමෙරිකාව කලඹයි..

නැගෙනහිර අමෙරිකාවට ෆ්ලෝරන්ස් සුළි කුණාටුව සමීප වීමත් සමග වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එරට මාධ්‍ය සදහන් කරයි.
04 වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති ෆ්ලෝරන්ස් මේ වන විට පැයට කිලෝමීටර් 195 ක වේගයකින් හමායමින් ඇත.
ෆ්ලෝරන්ස් සුළි කුණාටුව අනිද්දා (13) උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්තයට පැමිණෙනු ඇතැයි කාලගුණ බලධාරීන් අනතුරු අගවයි.
මේ හේතුවෙන් එ් පෙදෙස් වලටත් වර්ජිනියා ප්‍රාන්තයටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.