FAST NEWS

24×7 Around the Globe

කුමාර් ධර්මසේන නිසා ඇන්ඩර්සන්ට අයි.සී.සී යෙන් දඩයක්..

එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට තරග ගාස්තුවෙන් සීයයට 15 ක දඩයක් පැනවු බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ද ඔවල් ක්‍රීඩාංගණයේදි මෙ වන විට පැවැත්වෙන පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදි විනිසුරු තීරණයට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමීන් අයි.සී.සී යේ 2.1.5 වගන්තිය කඩ කිරිම හේතුවෙන් මෙම දඩය ඔහුට පැමීණවු බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
තරගයේ දෙවැනි දිනයේදි ඉන්දීය පළමු ඉනිමේ 29 වැනි පන්දුවාරයේදි ඇන්ඩර්සන් යැවු පන්දුවක් විරාත් කෝලිගේ පා ආවරණයේ දැවටුණු අතර, එහිදි කඩුල්ල මුවා කිරිමේ වරදට ඇන්ඩසන් කළ ඉල්ලීමක් විනිසුරු කුමාර ධර්මසේන විසින් ප්‍රතික්ෂේප කිරිමට විරෝධය පල කිරිමේ සිද්ධියට අදාළව ඔහු වරදකරු බව ඔප්පු වී තිබේ.