FAST NEWS

24×7 Around the Globe

ලංකාව තුළ වාර්ෂිකව සිය දිවි නසාගැනීම් 3000 ක්..

අදට (10) සිය දිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනය යෙදී ඇත.
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිය දිවි නසාගැනීම් 3000 ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ගෙවී ගිය වසර තුනක කාලය සලකා බැලූ විට 2017 දී එම අගය වැඩියෙන් වාර්තා වී ඇති බවත් එම වසරේ වාර්තාවලට අනුව පිරිමින් 2586 ක් සියදිවි නසාගෙන ඇති අතර කාන්තාවන් 677 ක් සියදිවි නසාගෙන ඇත.
මෙම සියදිවි නසාගැනීම් අතරින් 19% ක් විවාහ ජීවිතයේ ගැටලු හා ප්‍රශ්ණවලට මුහුණ දීම හේතුවෙන් සිදුව තිබේ.
තවත් 11.6 % ක් දරුණු හා කල්පවත්නා රෝග හා ආබාධයන්ට මුහුණ දීම හේතුවෙන් බව එම කාර්යාංශය පවසයි.
මේ අතරින් 10% ක් මානසික ආබාධවලට ලක්වූවන් වන අතර 35.18 % හෙවත් සිය දිවි නසා ගන්නා අය අතරින් තුනෙන් එකක් දිවි නසාගැනීමට බල පෑ කරුණු නිශ්චිත නොවන බවත් වාර්තා වෙයි.
මේ අනුව සියදිවි නසා ගැනීම් වාර්තාකරණයේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් 12 දා එළිදැක්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.