FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයක්

වහාම මැතිවරණයක් පවත්වන ලෙස රජයට බලකරමින් ඒකාබද්ධ විපක්ෂය ඉදිරි මාස දෙක ඇතුළතදී කොළඹ නගරයේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු කරන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂය ඉකුත් 05 දා පැවැත්වූ විරෝධතාවෙන් පසු මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට තීරණය කර ඇති  බවද පැවසේ.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙය සංවිධානය කරන බවත්, මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන තෙක් මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කෙරෙන බවද එම ආරංචි මාරිග වැඩි දුරටත් කියයි.