FAST NEWS

24×7 Around the Globe

ස්වාධීන වෛද්‍ය සභාවක් පිහිටුවනවා…සෞඛ්‍ය ඇමති

වෛද්‍ය සේවයේ ආරක්ෂාව තහවුරු කිරීමට ස්වාධීන වෛද්‍ය සභාවක් ඉදිරියේදී පිහිටුවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කර සිටියේ ඊයේ (07) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.