FAST NEWS

24×7 Around the Globe

ලොව හොඳම දෙදෙනා සහ මුරලි ගැන ලාරා කියයි..

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සහ එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් වර්තමානයේ ලොව සිටින දක්ෂතම පිතිකරුවන් ලෙස හැඳින්විය හැකි බව, බටහිර ඉන්දීය කොදෙව් හිටපු ටෙස්ට් ක්‍රීඩක බ්‍රයන් ලාරා විදෙස් වැඩසටහනක් සමඟ එක්වෙමින් සඳහන් කර ඇත.
එසේම එංගලන්ත කණ්ඩායමේ ජේම්ස් ඇන්ඩර්සන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කගිසෝ රබාඩා ද තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයින් බව හෙතෙම පවසා තිබේ.
තමා ක්‍රීඩා කළ සමයේ සිටි හොඳම දඟ පන්දු යවන්නන් දෙදෙනා ලෙස ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඔස්ට්‍රේයාවේ ෂේන් වෝන් බවත්, ඔවුන්ගේ පන්දුවලට මුහුණ දීමට තමාට අසීරු වූ බවද ලාරා මෙහිදි පවසා ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට් ඉනිමකදී ලකුණු 400 සීමාවට ළඟා වූ පළමු සහ එකම ක්‍රීඩකයා වන 49 හැවිරිදි බ්රලයන් ලාරා 1990 වසරේ සිට 2007 වසර දක්වා කොදෙව් කණ්ඩායම නියෝජනය කළේය.