FAST NEWS

24×7 Around the Globe

වෝහාරික පරීක්ෂණයේදී තජුදින්ට වද දුන් බව සනාථ වේ.

ගොඩගනු ලැබූ රගර් ක්‍රීඩක වසීම් තජුදින්ගේ මෘත ශරීරය පිළිබද වෝහාරික පරීක්ෂණයේදී ඔහු ඝාතනය කිරීමට පෙර සිදු කර ඇති වද දීම පිළිබද කරුණු සනාථ වී ඇති බව වාර්තා වේ .

වසීම් තජුදින්ගේ අභිරහස් ඝාතනය පිළිබද මුල් අවස්ථාවේ සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයේදී ඔහුගේ හිසේ පැල්ලමක් ඇති බවත් ගෙල ආසන්නයේ සිදුරු දෙකක් ඇති බවත් දත් බිදීගොස් ඇති බවත් ඉල ඇට කැඩී ඇති බවත් කලව අස්ථිවල බිදීම සිදු වී ඇති බවත් ඔහුව ඝාතනයට පෙර මොට ආයුදයකින් පහර දී ඇති බවත් අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා වාර්තා කර තිබී ඇත.

අධිකරණ නියෝගයක් අනුව වසීම් තජුදින්ගේ සිරුර අගෝස්තු 10 ගොඩ ගත අතර එම සිරුර ගොඩගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවේ අගෝස්තු 6වෙනිදාය.එමෙන්ම විමර්ශන කණ්ඩායම් විසින් ශාලිකා ක්‍රීඩාන්ගනයේ අදාල ස්ථානය මෙන්ම ඔහු ගමන් ගත්තා යැයි කියන වාහනයද අගෝස්තු 12,13 යන දින වලදී නැවත පරික්ෂාවට ලක් කර ඇත.

උපුටා ගැනීම-රාවය පුවත්පත