FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන්ට සිංගප්පූරු තානාපතිගේ ආරක්ෂාවක්…

මහ බැංකු බැදුම්කර සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තානාපති කාර්යාල රැකවරණය යටතේ සිටින බවට තොරතුරු වාර්තා වන බව එස්.බී. දිසානායක සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්ය.
තානාපතිවරයාගේ නිල කාලය අවසන් වී යළි මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබෙන බවද ඔහු පවසයි.
සිංගප්පූරු තානාපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කර ඔහු හරහා රැකවරණය ලබාදෙන බවත්, මෙම ප්‍රකාශ අසත්‍ය නම් අගමැතිවරයාට එසේ නොමැති බවට ප්‍රකාශ කලහැකි බවද දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.