සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේදි පැවතවෙන පළමු ටේස්ට් ක්‍රිකට් තරයේ තෙවන දිනයේ දිවා අහාරයට සිය දෙවන ඉනිමට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිළ කඩුලු 5ක් දැවී ලකුණු 108 ලබා සිටිති.
ඉන්දීයාන් සිය ප්‍රථම ඉනිම අවසානයේ ශ්‍රී ලංකා පිළට වඩා ලකුණු 192 ක් ඉදිරියෙන් සිටි අතර ඉනිමක පරාජයෙන් බෙරීමට ශ්‍රී ලංකා පිළට තවත් ලකුණු84ක් අව්යශයවේ.
සිය ටේස්ට් දිවියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ කුමාර් සංගක්කාරගේ අවසන් ඉනිම ලකුණු 40 කට පමණක් සීමා කිරීමට රවීචන්ද අෂ්වින් සමත් විය.
ලකුණු පුවරුව පහතින්…
_______________________(Update)
පළමු ටෙස්ට් තරඟයේ වැඩි වාසිය ඉන්දියාවට.
ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව සිටිනවා.
ඊයේ (13) දිනය නිමා වන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 5ක් රැස්කර සිටියා.
ශී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 183කට සීමා වුණා. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 375ක්.
එ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉනිම පරාජයෙන් බේරීමට තවත් ලකුණු 187ක් රැස් කළ යුතුයි. අතැතිව තිබෙන කඩුලු සංඛ්‍යාව 8 ක්.
ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු යුගල වන දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා දෙවැනි ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියා. සැඳැ පිතිකරු ලෙස පිටියට පිවිසි ධම්මික ප්‍රසාද් සහ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර නොදැවි පන්දුවට පහර දෙනවා. ගාල්ල අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ අද (14) තුන්වැනි දිනයයි.







