FAST NEWS

24×7 Around the Globe

චතුරගේ විවාහ උත්සවය සදහා අරලියගහ මන්දිරයට ගෙවූ බිල මෙන්න..

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න මහතා අරලියගහ මන්දිරයේ සිය විවාහ උත්සවය පැවැත්වීම වෙනුවෙන් රුපියල් විසි එක් ලක්ෂ 80 000 ක බිලක් ගෙවා ඇතැයි නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි. ඊට අදාළ චෙක්පත ද මෙහිදී ප්‍රදර්ශනය කළේය.
අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ විශේෂ වැඩක් නැති දිනවල අදාළ බිල ගෙවා ශාලාව වෙන් කරගෙන මංගල උත්සව පැවැත්වීමට හැකියාවක් තිබෙන බවද නලින් බණ්ඩාර මහතා පවසයි.