FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවසායකයින්ට ණය ලබා ගැනීමට දුරකථන අංකයක්..

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ වසරක් තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව 2025 ක්ෂණිකව ක්‍රියාත්මක වන ඇමතුම් අංකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේ මෙම අංකය නොමිලේ ක්‍රියාත්මක එකක් බවයි.
නව ව්‍යවසායකයින් ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ණය ලබා ගැනීමට අදාළව ඕනෑම තොරතුරක් මෙම අංකය මගින් ලබාගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.