FAST NEWS

24×7 Around the Globe

ජපානයට ඇතුළු වූ ජේබි තවත් දරුණු වෙයි..

ජපානයේ ෂිකෝකු දිවයිනට ඇතුළු වූ ජේබි සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් 160 දෙනෙකු තුවාල ලබා ති බව විදෙස් වාර්තා පවසයි.
වසර 25කින් ජපානයට හමා ආ ප්‍රබලතම සුළි සුළඟ මෙය වේ. එරට රජය ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ සුළි සුළඟ හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසයි.
පැයට කිලෝමීටර් 216ක වේගයකින් ඊයේ (04) ෂිකෝකු දිවයිනට ඇතුළු වූ සුළි සුළඟින් ඔසාකා, කියෝතෝ සහ කෝබේ නගරවලට තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබේ.
මේ හේතුවෙන් එරට ගුවන් ගමන් වාර 600 ක් පමණ අවලංගු කෙරුණු අතර පාසැල් කාර්යාල වසා දැමීමට කටයුතු කර ඇත.