FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ අවසන් ත්‍රස්ත බලකොටුවට රුසියාවෙන් ප්‍රහාර..

සිරියාවේ ඉඩ්ලිබ් නුවර පිහිටි ත්‍රස්තවාදී ඉලක්ක වෙත එල්ල කල රුසියානු ජෙට් යානා ප්‍රහාරයකින් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මසක පමණ නිහඬතාවකින් පසුව රුසියාව විසින් මෙවැනි ප්‍රහාරයක් එල්ලකර ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද ඉඩ්ලිබ් ප්‍රාන්තයට ප්‍රහාරයක් එල්ල කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණු අතර ඊට පෙර රුසියාව මෙම ප්‍රහාරය දියත් කර ඇත.
සිරියාවේ අවසන් ත්‍රස්ත බලකොටුව පිහිටා ඇත්තේ ඉඩ්ලිබ් නුවරයි.