FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාත් සභාවට අඩි 08 ක්‌ දිග රූපවාහිනි 16 ක්‌..

බස්නාහිර පළාත් සභා නව ගොඩනැඟිල්ල සඳහා රුපියල් ලක්‍ෂ 13 ක්‌ වටිනා ප්‍රොජෙක්‌ටර් සහ අඩි 08 ක්‌ දිග අඩි 03 ක්‌ පළල රූපවාහිනි යන්ත්‍ර 16 ක්‌ ඇණවුම් කර තියෙන අතර මේ වනවිට ඉන් 05 ක්‌ ලැබී ඇතැයි පළාත් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.
මේවා ගෙන්වූයේ කාගේ වුවමනාවට දැයි ප‍්‍රශ්න කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත‍්‍රී නීතීඥ ජනක වැලිවත්ත මහතා ඊයේ (04) පැවැති පළාත් සභා රැස්වීමේදී දැඩි විරෝධය දැක්වීය.
මේ වනවිට පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන් සඳහා විශාල රූපවාහිනී ගෙනැවිත් ඇති බවත් ඉන් එකක් අධ්‍යාපන ලේකම්වරයාගේ කාමරයේ සවිකර තිබෙන බවත් මේවා ගෙන්වීමට අනුමැතිය ලබාදුන් නිලධාරීන් කවුදැයි මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළේය.

මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සභාපති සුනිල් විඡේරත්න මහතා කියා සිටියේ මේ ගැන සොයා බැලීමක්‌ කරන බවයි.