FAST NEWS

24×7 Around the Globe

කොළඹ නගරය සංවර්ධනය කිරීමට චීනයේ සහාය…

මෙරට සංචාරයක නිරත චීනයේ ශැංහයි මහ නගර සභා ජනතා කොංග්‍රසයේ සභාපති යින් යිකුයි මහත්මිය හා රෝසි සේනානායක මහත්මිය අතර පසුගියදා හමුවක් පැවැත්විය.
මෙහිදී චීනයේ ෂැංහයි නගරයේ සිටින ඉහළ පෙළේ ව්‍යවසායකයින්ගේ සහය ලබාගනිමින් කොළඹ නගරය සංවර්ධනය කිරීමට කොළඹ මහ නගර සභාවේ අවධාණය යොමුව ඇත.
ෂැංහයි මහ නගර සභාව භාවිත කරන ඇතැම් ඉහළ තාක්ෂණික ක්‍රමවේද කොළඹ මහනගර සභාවට හදුන්වාදීම සහ කාන්තා හා ළමා සුරැකුම් වැඩසටහන් සදහා සිය පුර්ණ සහය ලබාදෙන බවද චීනයේ ෂැංහයි මහ නගර සභා ජනතා කොංග්‍රසයේ සභාපතිනිය ප්‍රකාශ කළාය.