FAST NEWS

24×7 Around the Globe

කොළඹ නගර සභාවට අයත් ක්‍රීඩාංගන මැයි දිනයට පමණක් ලබාදෙයි..

කොළඹ මහ නගර සභාවට අයත් සියලු ක්‍රීඩා පිටි මැයි දින රැස්වීම් වලට හැර වෙනත් දේශපාලන රැස්වීම් සඳහා ලබා නොදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
ඒකාබද්ධයේ හෙට (05) පැවැත්වීමට නියමිත ජනබල මෙහෙයුමට ක්‍රීඩා පිටි නොදීමට නගර සභාව කටයුතු කර ගෙන යන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරු නගන චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.පී.එම් ඉක්මාල් මහතා මේ පිළිබදව සදහන් කළේය.