FAST NEWS

24×7 Around the Globe

තිසර පෙරේරාගේ ව්‍යාපාර සිහිනය සඵල වෙයි…(photos)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා ඔහුගේ බිරිඳ එක්ව අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ඒ ” මායා” නමින් නම් කළ නිමි ඇදුම් වෙළදසැලක්. ඉන්දියාවෙන් ආනයනය කරන ලද සාරි වර්ගද මේ වෙළදසැළේ විකිණීමට තිබෙන බවත් තිසර පෙරේරාගේ බිරිද සදහන් කරයි.
මෙම අලෙවිසැල බත්තරමුල්ල පැලවත්තේ ප්‍රදේශයේදී ඊයේ (31) විවෘත කරනු ලැබීය.
මේ අවස්ථාව සදහා ක්‍රිකට් ක්‍රීඩකයන් ආදී තිසරගේ හිතවතුන් රැසක් සහභාගී වී සිටියහ.
කලක පටන් මෙම ව්‍යාපාරය ඇරඹීම මොවුන් දෙදෙනාගේ සිහිනයක්ව පැවති බවත් සදහන් වේ.