FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවයේ පුහුණුවට නොපැමිණි උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගුයි..

පසුගිය 20 වනදා රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා රැකියා විරහිත උපාධිධාරීන් 4100 ක් බඳවා ගැණුනු අතර මෙතෙක් තම පත්වීම් භාර නොගත් සියලු දෙනාගේ පත්වීම් අවලංගු කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.
එහි අතිරේක ලේකම් අසංග දයාරත්න මහතා සඳහන් කළේ ලබා දී තිබූ පත්වීම් භාර ගැනීමට දුන් කාලය මීට දින 03 කට පෙර අවසන් වූ බව ය.
කෙසේ වෙතත් සානුකම්පිතව සලකා බලා ඊයේ (31) පස්වරුව දක්වා උපාධිධාරීන්ට ඒ සඳහා අවස්ථාව සලසා දුන් බව ඔහු පැවසුවේ ය.
රැකියා විරහිත උපාධිධාරීන් අවස්ථා කිහිපයකදීම රජයට බල කරමින් තමන්ට කඩිනමින් රාජ්‍ය සේවයේ රැකියා ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.
උපධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළේ දෙවැනි අදියර ලබන නොවැම්බර් මාසයේ ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව බඳවා ගැනෙන උපාධිධාරීන් සංඛ්‍යාව 15000 ක් බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.
D.Undugoda