FAST NEWS

24×7 Around the Globe

පඩි මදි නිසා ඇමරිකා සෙනෙට් සේවිකාව නිරුවත මගින් උපයයි.

ඇමරිකානු සෙනෙට් සභිකයින් කම්කරුවකුගේ අවම වැටුප පිළිබඳ වාද විවාදවල නිරතවන අතරතුරදී සෙනෙට් ආපනශාලා සේවිකාවක් සිය වැටුප ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් රාත‍්‍රි සමාජ ශාලාවක නිරුවත් නාටිකාංගනාවක් ලෙස සේවය කරන බව අනාවරණය කර ඇතැයි වාර්තා වේ.

කිම් ලෙස හඳුන්වා ඇති මෙම කාන්තාව තනිව සිය දරුවා සමග ජීවත් වන අතර සෙනෙට් ආපනශාලා රැකියාවෙන් පැයකට හිමිවන්නේ ඩොලර් 10.33ක් පමණක් බව පවසා තිබේ.

ඉන්පසුවත් සිය අවම වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය වන ඩොලර් 600ක හිග මුදල සපුරා ගැනීමට නම් අකමැත්තෙන් වුවත් තමන්ට ලැබුණු එකම විකල්පය වූ නිරුවත් රැගුම් දැක්වීමට සිදුව ඇති බව ඇය සඳහන් කර ඇත.

සෙනෙට් ආපනශාලා සේවකයින්ගේ මූල්‍ය දුෂ්කරතා පිළිබඳ සංවේදී වූ ඩිමොක‍්‍රටික් සභික ෂෙරොඞ් බ‍්‍රවුන් විසින් සෙනෙට් නීති කමිටුවට ලිපියක් යොමු කර ඇති අතර සිය සේවකයින්ට ප‍්‍රමාණවත් වැටුපක් ලබා නොදෙන්නේ නම් එම කොන්ත‍්‍රාත්කරුවා ඉවත් කළ යුතු බවටද යෝජනා කර ඇතැයි පැවසේ.

කෙසේවෙතත් ඇමරිකාව තුළ කම්කරුවකුගේ අවම දෛනික වැටුප පැයකට ඩොලර් 7.25ක සීමාවේ පවතින අතර එය 2016 වන විට ඩොලර් 10.10වන විට ඉහළ නගිනු ඇතැයි පැවසුණත් එය පවා ජීවත්වීමට අවශ්‍ය අවම අවශ්‍යතාවය සපුරන්නේ නැති බව විචාරක අදහසයි.