ජ්‍යෝතිෂවේදි මංජුල පීරිස් මහතා මහජන සාමය හා සමගිය කඩවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමක් සිදුකළ බවට නීතිඥ යසස් ද සිල්වා මහතා මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
පසුගියදා රූපවාහිනී නාලිකාවක විකාශය වූ ජෝතිෂ්‍ය වැඩසටහනකට සහභාගී වී ඇති මංජුල පිරිස් මහතා මෙවර මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ බලයට පත් නොවුණහොත් ලංකාව තුළ එල්.ටී.ටී.ය නැවත වරක් හිස ඔසවන බවට ප්‍රකාශයක් සිදුකොට තිබුණි.
මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කළ හෙයින් ජාත්‍යන්තරය අප සමග වෛරී ලෙස කටයුතු කරන බැවින් ඒ සමඟ සටන් කල හැකි නායකයෙකු පත් කරගත නොගතහොත් රට පත්වන අනතුරෙන් ගොඩ ගැනීමට හැකියාවක් නොමැති බව ද මංජුල පීරිස් මහතා පවසා ඇත.
මෙම ප්‍රකාශය සම්බන්ධව නීතිඥ යසස් ද සිල්වා මැතිවරණ කොමසාරිස්වරයාද දැනුවත් කොට තිබේ.








