FAST NEWS

24×7 Around the Globe

දුමින්දත් එක්ක තිබ්බ ගණුදෙනු වෙලේසුදා අධිකරණයේදි හෙළි කරයි.

‘පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ලඟ මං වැඩ කළා. වැඩ කරන අවස්ථාවේදි ඡන්දෙට මිලියන දෙකක් ණයට දුන්නා. ඡන්දෙට දුන්නු මිලියන දෙක මම ආයෙත් ඉල්ලුවාට පසු සුදුවෑන් එකකුයි පොලිසියෙනුයි හැම වෙලේම නිවසට එන්න ගත්තා.‘ යි ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා කොළඹ මහාධිකරණයේ දී අද (12) කීවේය.

හෙරොයින් ග්‍රෑම් හතක් ළඟ තබාගෙන ගල්කිස්සේ දී ජාවාරම් කළැයි වෙලේ සුදාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ රජයේ නීතීඥවරියගේ හරස් ප්‍රශ්න හමුවේ ඔහු එසේ කීවේය.