FAST NEWS

24×7 Around the Globe

ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ සරුංගල් යැවීම තහනම් කරයි..

ගුවන්තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී හා දඩුවම් ලැබිය හැකි ක්‍රියාවක් බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම සදහන් කරයි.
ඒ අවට ප්‍රදේශවල කිලෝමීටර් 05 ක් පමණ වට ප්‍රමාණය තුළ සරුංගල් යැවීම තහනම් කිරීමට පියවර ගෙන ඇත.
සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජෙනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා පෙන්වා දෙන්නේ ගුවන් යානාවල සරුංගල් ගැටීම තුළින් අනතුරු සිදුවිය හැකි බවයි.
සරුංගල් හා එහි නූල් පැටලීමෙන් ගුවන් යානාවල අවර පෙතිවලට හා යානාවල විවිධ කොටස්වලට හානි සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් තහනම් ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.