FAST NEWS

24×7 Around the Globe

කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්..

‍ෙමාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළැයි කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණ අද (30) නියෝග කළේය.
කොස්ගොඩ තාරකගේ නායකත්වයෙන් යුත් මෙම පාතාල කල්ලිය ඉකුත් ජුනි මස 22 වැනි දා මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් තුළට කඩා වැදී ගිනි අවි පෙන්වා රන් ආභරණ මංකොල්ලකා පලා යමීන් සිටි අවස්ථාවේදී පොලීසිය සමඟ ඔවුන් වෙඩි හුවමාරුවක් ඇති කරගත් අතර පාතාල කල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා මීය ගොස් තවත් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකුද සිවිල් වැසියන් දෙදෙනෙකු ද බරපතල තුවාල ලැබීය.
DE සිල්වා