FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වෘත්තිය සමිති වර්ජනය අත්හිටුවයි (update)

අද (30) මධ්‍යම රාත්‍රී සිට දුම්රිය වෘත්තීය සමීති ක්‍රියාත්මක කිරිමට සිටි පැය 48 ක දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවිමට තීරණය කළ බව එම වෘත්තීය සමීති පවසයි.
++++++++++++++++++++++++++++++++(update)
දුම්රීය වර්ජනයට පෙර වෘත්තීය සමීති තවත් සාකච්ඡාවකට යයි..
අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක සංකේත වර්ජනයක් සිදු කිරීමට නියමිත දුම්රිය වෘත්තීය සමිති සහ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද සවස පැවැත්වීමට නියමිත බව එම වෘත්තිය සමීති පවසයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග අද (30) දහවල් පැවැති සාකච්ඡාවලදී හෙට (31) දිනයේදී ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වූ බවද එම සමිති පවසයි.
මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අමාත්‍ය සරත් අමුණුගම මහතා අවස්ථාවක් ලබාදී තිබෙන බවත් මේ අනුව අද සවස මෙම සාකච්ඡාව පැවැත්වෙන බවද එම සාකච්ඡාවෙන් පසු වර්ජනය පිළිබඳ අවසන් තීරණයට එළඹෙන බවද එම වෘත්තීය සමීති පවසයි.
දුම්රිය ස්ථානාධිපති,රියදුරු ,නියාමකවරු හා අධික්ෂණ නිලධාරීන් යන සේවාවල නිලධාරීන් වැටුප් විෂමතා ගැටළුවක් මුලික කර ගනිමීන් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක නිරත විමට සුදානම්ව සිටිති.
DE සිල්වා