FAST NEWS

24×7 Around the Globe

තිසර ගැන සමරවිරගෙන් ප්‍රකාශයක් – අනාවැකියකුත් කියයි..

තිසර පෙරේරා 2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යම ක‍්‍රීඩකයෙකු බවට දැන් පත්ව ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එසේම ගත වූ මාස 06 දී පිතිකරුවෙකු ලෙස තිසර සීඝ‍්‍ර දියුණුවක් ලබා ඇති බවත් නුදුරේම ඔහු එක්දින ශතකයක් වාර්තා කරනු ඇති බවද හෙතෙම අනාවැකි පල කර සිටියි.
තිසර පෙරේරාගේ පන්දු යැවීමේ අංශය ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවත් ඔහුගේ පන්දු යැවීම වෙනස් කිරීමට පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක සමත් වූ බවද තිලාන් සමරවීර පෙන්වා දෙයි.
දකුණු අප‍්‍රිකාව සමග ඊයේ (29) පැවති පළමු එක්දින තරගයේ ලකුණු 36 කට කඩුලූ 05 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා සමග එක්ව 06 වන කඩුල්ලට ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩනගමීන් පන්දු 30 කදී තිසර රැස් කළ ලකුණු සංඛ්‍යාව 49 කි.
DE සිල්වා