එක්දින තරගය කාණ්ඩය යටතේ වැඩිම හයේ පහරවල් ලබා ගත් පිතිකරුවන් අතර දෙවැන්නා වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගෙල් පසුගිය 28 වැනිදා බංග්ලාදේශය සමග පැවති තෙවැනි එක්දින තරගයේදි සමත් විය.
හයේ පහර 270 ක් ලබා හිටපු ශ්‍රී ලංකා ක්‍රිඩක සනත් ජයසුරිය සමග සම තත්වයේ සිටි ගෙල් බංග්ලාදේශය සමග පැවති තෙවැනි තරගයේ ලබාගත් සිය ලකුණු 70 ට හයේ පහරවල් 05 ක් එක් කර ගැනිමත් සමග දෙවැනි ස්ථානයට පත් විමට සමත් විය.
එක්දින තරග කාණ්ඩය යටතේ වැඩිම හයේ පහරවල් ප්‍රමාණයක් ලබා (351) පාකිස්ථානයේ සහිඩ් අෆ්රිඩී පළමු ස්ථානයේ පසු වෙයි.
DE සිල්වා








