FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනය ගැන අද (30) දහවල් සාකච්ඡාවක්..

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග පැවැත්වෙන අද (30) දහවල් සාකච්ඡාවේදී ගැටලුවලට විසඳුම් නොලැබුනහොත් අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටින බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සන්ධානයේ සම කැදවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.
දුම්රිය ස්ථානාධිපති ,රියදුරු,නියාමක හා අධීක්ෂණ සේවාවල නිරත පිරිස්වලට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වු කැබිනට් පත්‍රිකාව සම්මත කර මාස ගණනාවක් ගත වුවත් මෙතෙක් එය ක්‍රියාත්මක කර නොමැති බැවින් වැඩවර්ජනය සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.
අදාළ ගැටලු පිළිබඳව සාකච්ඡාවකට පැමිණෙන ලෙසට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෘත්තීය සමිතිවලට දැනුම් දී තිබෙන බවත් මේ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කරන බවද ඒ මහතා කියා සිටියේය.
DE සිල්වා