FAST NEWS

24×7 Around the Globe

පවතින කාළගුණයේ වෙනසක් – ප්‍රදේශ කිහිපයකට 02 න් පසු වැසි..

පවතින කාළගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙන බවත් මේ අනුව නැගෙනහිර පළාතේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද (30) පෙරවරු නිකුත් කළ කාළගුණ නිවේදනයෙහි සඳහන් වෙයි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවන බවත් විශේෂයෙන් මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම උතුරු සහ උතුරුමැද පළාත්වල සිහින් වැසි ඇතිවිය හැකි බවද පැවසේ.
හම්බන්තොට, මොනරාගල, අම්පාර, මාතලේ, පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
DE සිල්වා